පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා අනුමැතිය ලබා දී ඇති බවයි.
ඒ අනුවයි අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා පත් කෙරුණේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් වන අතර අග්‍රාමාත්‍යවරයා, කතා නායකවරයා, විපක්ෂ නායකවරයා ද ඇතුළුව අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයෙකු, කතා නායකවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයෙකුගෙන් එය සමන්විත වනවා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව යන කාරක සභාවල සාමාජිකත්වය දරන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා මෙන්ම කිළිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතීත්වය ද දරනු ලබනවා.