News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

නිරුපද්‍රිතව තිබූ එකම දිස්ත්‍රික්කයටත් කොරෝනා

558 Views


නිරුපද්‍රිතව තිබූ එකම දිස්ත්‍රික්කයටත් කොරෝනා

මෙතෙක් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ එකම දිස්ත්‍රික්කය වන කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙනුත් අද ආසාදිතයෙකු වාර්තා වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසනවා.

කිළිනොච්චිය, කණ්ඩාවේලෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකුට එලෙස කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

ඔහු කොළඹ පිහිටි හෝටලයක සේවයේ නියුතු අයෙකු වන අතර පසුගිය 28 වැනිදා සිය නිවස වෙත පැමිණ තිබුණා.

ඉන් අනතුරුව එම පුද්ගලයා නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ ඔහුව පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණේ එහි වාර්තාවට අනුවයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ, ඔහුව යාපනය, මරදන්කර්නි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post