News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

මුට්ටිය ගඟට දාන්න කලින් කරන්න තිබ්බ දේවල් ගැන විපක්ෂ නායක සජිත්, ඇමතිනි පවිත්‍රාට කිව්ව දේ

753 Views


මුට්ටිය ගඟට දාන්න කලින් කරන්න තිබ්බ දේවල් ගැන විපක්ෂ නායක සජිත්, ඇමතිනි පවිත්‍රාට කිව්ව දේ

පැය දෙකක කාලයක් සඳහා අද උදැසන පාර්ලිමේන්තුව රැස් වුණා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර සිදු වූ සංවාදයේදී විපක්ෂ නායකවරයා කියා සිටියේ, පසුගියදා අමාත්‍යවරියට ආගමික වතාවත්වල නිරත වනවාට බොහෝ දෑ කිරීමට ඉතිරිව තිබූ බවයි.

එහිදී අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

“මුව ආවරණ අවශ්‍යයි කිව්වා. ඇමතිතුමිය කිව්වා එපයි කියලා.. දැන් මොකද වෙන්නේ? දැන් මුව ආවරණ පැළඳුවේ නැත්තම් දඩයකුත් ගහනවා. වෛද්‍ය උපකරණ ටික ගෙන්නුවේ නෑ. වෙන්ටිලේටර්, පී.සී.ආර්. යන්ත්‍ර, අයි.සී.යූ. ඇඳන් ඒවා ඇණවුම් කරලා නැහැ. දැන් එතුමිය සඳහන් කළා එතුමිය නිරත වුණ ආගමික කටයුත්තක් ගැන. නමුත් ඔබතුමිය ගිහිල්ලා අර කලගෙඩිය නැත්තම් මුට්ටිය විසි කරන්න කලින් වෙන්ටිලේටර් ටික ඇණවුම් කරන්න තිබ්බා.. මාස 8ක් තිබ්බා. පී.සී.ආර්. යන්ත්‍ර ටික ඇණවුම් කරන්න තිබ්බා. අයි.සී.යූ ඇඳන් ටික සකස් කරන්න තිබ්බා. ජංගම රෝහල්, ජංගම රසායානාගාර ස්ථාපකය කරන්න තිබ්බා”

ඊට පිළිතුරු සැපයූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය :

“පාර්ලිමේන්තුව නොමඟ යවනවා සර්. වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතින් ගෙනල්ල හිටන් බෙදුවා. අපිට ඊට අමතරව වෙටන්ටිලේටර්ස් 600ක් තිබෙනවා. අපිට තිබුණේ එක පී.සී.ආර්. ලැබ් එකයි. අද ලැබ් 26ක් හදලා තියෙනවා. එදා පළවෙනි රැල්ලේ හිටියේ අපිට ලෙඩ්ඩු, පළවැනි රැල්ල වෙලාවේ පී.සී.ආර්. ටෙස්ට් 200යි කරේ. අද 10,000ක් කරනවා. ආණ්ඩුවක් විදිහට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතා නායකතුමනි..”


News Articles
Latest Videos
Most Popular Post