News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

606 Views


23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

ඊයේ දිනයේ නිවසේදී මියගිය කාන්තාවකගේ සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අදාළ කාන්තාව උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බවත්, මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ අනුව මෙය මෙරට 23 වැනි කොරෝනා මරණය ලෙස සළකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

මෙලෙස මියගොස් ඇත්තේ, කොළඹ – 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක්.

අද දිනයේදී කොරෝනා මරණ දෙකක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post