News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

589 Views


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ ඇතැම් පළාත් සහ දිස්ත්‍රික්කවලට ඇතිවිය හැකි වැසි තත්වය පිළිබඳ සඳහන් නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඌව, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

එම ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එලෙස තද වැසි ඇති වනවිට ප්‍රභල අකුණු ඇතිවිය හැකි බවට අනතුරු අඟවන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ අකුණු මගින් ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post