News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

24 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

559 Views


24 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේ සිටියදී මියගොස් ඇති අතර ඇයගේ දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම කාන්තාව කොරෝනා ආසාදිතව සිට ඇති බව හඳුනාගෙන තිබෙනවා.

අදාළ කාන්තාව මසකට අධික කාලයක් රෝගී වී නිවසේ සිට ඇති බවත්, නිධන්ගත රෝගවලින් පෙළී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

එම කාන්තාව මිය යාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ හෘදයාබාධ තත්ත්වයක්.

ඇය මියගොස් ඇත්තේ ඊයේ වන අතර කොරෝනා ආසාදිත බවට හඳුනාගනෙ ඇත්තේ අද දිනයේදීයි.

ඒ අනුව මෙම මරණය මෙරට 24 වැනි කොරෝනා මරණය ලෙස සළකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්.


News Articles
Latest Videos
Most Popular Post