News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් – සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

760 Views


කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් – සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අධික වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආපදා කළමණකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් ප්‍රදේශ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි.

මේ අතර අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, උතුරු මැද, ඌව, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනයවීමට වඩා සුදුසු වායුගෝලීය තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත තද වැසි


News Articles
Latest Videos
Most Popular Post