News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

දෙවැනි කොරෝනා රැල්ලේ මේ දක්වා සිදු වූ මරණ දහයෙන් හයක්ම ජාතික රෝහලින්

436 Views


දෙවැනි කොරෝනා රැල්ලේ මේ දක්වා  සිදු වූ මරණ දහයෙන් හයක්ම ජාතික රෝහලින්

මේ වන විට කොරෝනා ආසාදනය වී මෙරට පුද්ගලයින් 24 දෙනකු මරණයට පත්ව තිබෙන අතර එයින් 10 දෙනෙක්ම දෙවන කොරෝනා රැල්ල හේතුවෙන් සිදු මරණ ලෙස සැලකෙනවා. ඒ අතරිනුත් 06 දෙනෙක්ම මරණයට පත්ව තිබෙන්නේ කොළඹ ජාතික රෝහලින් වන අතර මේ පිලිබදව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කලේ ඊට එකම හේතුව වී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ රෝහල තුල සිදුනොකිරීම බවත් අදාල pcr පරීක්ෂණ වාර්තා ඒ අනුව ප්‍රමාද වීම හේතු කොටගෙන අදාල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදීද එම ප්‍රමාදය බලපාන බවයි.

මේ නිසා විශේෂයෙන්ම PCR පරීක්ෂණයන් ආරම්භ කළ හැකි ක්‍රමයක් ජාතික රෝහල් පරිශ්‍රය තුල ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා


News Articles
Latest Videos
Most Popular Post