News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

අධිකරණයෙන් නියම කළ දඩය ගෙවා ගැනීමට නොහැකි වූ තරුණයෙක් සිර කුටිය තුළදීම දිවි හානිකර ගනියි

725 Views


අධිකරණයෙන් නියම කළ දඩය ගෙවා ගැනීමට නොහැකි වූ තරුණයෙක් සිර කුටිය තුළදීම දිවි හානිකර ගනියි

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයෙකුට අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකව සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරද පිළිගෙන ඇති බවයි.

ඒ අනුව අධිකරණයෙන් ඔහුට රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසත්, එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් මසක සිර දඩුවමකට යටත් විය යුතු බවටත් නියම කර තිබෙනවා.

අදාළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වූ තරුණයා මීගමුව බන්ධනාගාරයට ගෙන යෑමට නියමිතව සිටියදී සියදිවි හානි කරගෙන තිබුණා.

පොලිසිය පවසන්නේ, එම තරුණයා හලාවත පොලිස් බන්ධනාගාර සිරකුටියේ සුළං කවුළුවක සිය ඇඳුමෙන් එල්ලී ගෙල සිරකරගෙන දිවි හානි කරගෙන තිබූ බවයි.

එලෙස මියගොස් ඇත්තේ, හලාවත, වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙසුදාසන් දේශන්කර් නැමැති 28 හැවිරිදි තරුණයෙක්.


News Articles
Latest Videos
Most Popular Post