මාවනැල්ල ප්‍රදේශයේ අනවසරයෙන් පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ ඔවුන්ට සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුවයි.
වෛසරය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ, ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් 120 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවයි.
මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 151 දෙනෙකුට කොරෝනා වෛසරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර තවත් 32,031 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබෙනවා.