මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනකෙු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ, මහනුවර – ගඟවටකෝරලය, පාතදුම්බර, මැදදුම්බර, උඩුදුම්බර, උඩපළාත, දෙල්තොට, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, දොළුව, තලාතුඔය සහ අකුරණ යන ප්‍රදේශවලින්.
ඒ අනුව එම ආසාදිතයින්ගේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඔවුන් සඳහා රුපියල් 10,000 ආහාර මල්ල ලබා දීමට කටයුතු කර ඇති බවයි.