හතරලියද්ද, ඇලෝටුව ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා ඒ වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 19 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පසුගිය 2වැනිදා සහභාගී වී ඇති අතර පෙරේදා දිනයේ ද විභාගයට සහභාගී වීමට සූදානමින් සිට තිබෙනවා.
එම සිසුවා 2වැනිදා රාත්‍රියේ වෙනත් නිවසක සිට සිය නිවස කරා පැමිණෙමින් සිටින අතරතුර අදාළ කුඹුර හරහා ඇද තිබුණ විදුලි රැහැන්වල පැටලී තිබුණා.
පොලිසිය පැවසුවේ, එහිදී විදුලිය වැදී සිසුවා මරණයට පත්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුඹුරු හිමියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.