News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

කොරෝනා මර්දනයට අදත් ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් රැසක්

476 Views


කොරෝනා මර්දනයට අදත් ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් රැසක්

කොරෝනා වෛසරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කෙරෙන දෛනික සාකච්ඡාව අදත් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතරයි.

එහිදී ජනාධිපතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි.

මේ වනවිට දිවයන පුරා නිවෙස් 31,457ක 84,000කට ආසන්න පිරිසක් නිරෝධායනය වෙමින් සිටින බවත්, බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවත් එම සාමාජිකයින් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.

ආසාදියෙකු සමාජයෙන් හමු වුවහොත් ඔවුන්ගේ ආශ්‍රිතයින් අයත් ප්‍රදේශ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර අවශ්‍ය වුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කරන ලෙසට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා පවසා තිබෙනවා.

එමෙන්ම වතු සහ මහල් නිවාස පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශාල වශයෙන් සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

මේ අතර ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් අදාළ කටයුතු සිදුවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා ඇත්තේ, එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post