News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

වාහන දඩ ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන කාලයක්

516 Views


වාහන දඩ ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන කාලයක්

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පොලිස් රථ වාහන අංශ මගින් නිකුත් කර ඇති ස්ථානීය දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූවන් සඳහා සහනදායී වැඩ පිළිවෙළක් සකස්කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය නිර්දේශ මත වසා දමා ඇති ප්‍රදේශවල සහ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් අදාළ දඩ ගෙවීමට නොහැකි වූවන්ට සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇති බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව සහ පොලිස්පතිවරයා එක්ව මෙම තීරණය ගෙන ඇති අතර ඒ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ද ලැබී තිබෙනවා.

ඒ අනුවවෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කාර්යාලවල කටයුතු නතර කිරීමට නියම කළ දින සිට දිවයින පුරා සංචරණ සීමා ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර වරද කළ දින සිට දින ගණනය කර දඩපත්‍ර ගෙවීමට අතිරේක කාලයක් ලබා දෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post