News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනයට

695 Views


විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනයට

අබුඩාබි, දෝහා කටාර් සහ ඉන්දියාවේ සිට අද උදෑසන පු්ගලයින් 30 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ඒ අනුව අබුඩාබි සිට එක් පුද්ගලයෙක්, දෝහා සිට පුද්ගලයින් 18 දෙනෙක් සහ ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 11 දෙනෙකු එලෙස මෙරටට පැමිණ තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එසේ පැමිණි සියලු දෙනා නිරෝධායනය සඳහා හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි.

මේ අතර ගුවන් හමුදාව මගින් පාලනය වන ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුළ සිය නිරෝධායන කටයුතු අවසන් කළ එක් පුද්ගලයෙක් අද ඉන් පිටව යන බව එම මධ්‍යස්ථානය පැවසුවා.

එමෙන්ම ගුවන් හමුදානව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 30ක් තුළ පුද්ගලයින් 2,400ක් තවමත් නිරෝධායනය වෙමින් සිටින අතර 63,730 දෙනෙකු මේ වනවිට සිය නිරෝධායන කටයුතු නිම කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post