මස්කෙළිය ප්‍රදේශයේ සිව්මසක් වයසැති බිළිඳෙකු ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසන්නේ.
එමෙන්ම මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15ක්.