News Line| Off Air
Generic placeholder image

Nov
7

ගත වූ පැය 24 තුළ ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්ක

758 Views


ගත වූ පැය 24 තුළ ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්ක

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 18කින් කොරෝනා වෛසරස් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 203 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වත්තල සහ හැඳල ප්‍රදේශයේ ආසාදිතයින් 54 දෙනෙකු ඒ අතරට අයත් බවයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළින් ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 103ක්.

මේ අතර ඊයේ දිනය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 18 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනා බැගින් ද මහනුවර, මාතලේ, නුවරඑළිය, අම්පාර, මාතර, හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post