සති අන්තයේ සංචරණය සීමා කර නිවෙස්වල රැඳී සිටින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ඇඳීරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට තීරණය කළ බව පොලිසිය නිවේදනය කළා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී සිටිය යුතු බවයි.
ඇඳීරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව ද නිරෝධායන රීති අනුව කටයුතු කළ යුතු බවත් පොලිසිය දැනුම් දෙනවා.
මේ අතර බස්නාහිර පළාත, කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස්බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.