News Line| Off Air
Generic placeholder image

Nov
7

පිහි ඇණුමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයෙකුටත් කොරෝනා

824 Views


පිහි ඇණුමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයෙකුටත් කොරෝනා

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිහි ඇණුමකට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඔහුව ශල්‍යකර්මයකට භාජනයකර තිබුණා.

එහිදී එම පුද්ගලයාට අහඹු ලෙස සිදුකළ පිී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ, ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ඒ අනුව එම පුද්ගලයාට ප්‍රතිකාර කළ වෛද්‍යරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබෙනවා.

එමෙන්ම රෝහල් දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය ද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post