News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

රාජ්‍ය සේවයට කැඳවිය යුතු කාර්යය මණ්ඩලය ගැන දැනුම් දීමක්

671 Views


රාජ්‍ය සේවයට කැඳවිය යුතු කාර්යය මණ්ඩලය ගැන දැනුම් දීමක්

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය සේවයට කැඳවිය යුතු කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් සළකා හෙට සිට රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යය වන අවම කාර්යය මණ්ඩලයක් පමණක් බව එම නිවේදනයේ දැක්වෙනවා.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ, ඒ ඒ ආයතනවල ප්‍රධානීන් සේවයට කැඳවන අවම කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් තීරණය කළ යුතු බවයි.

එමෙන්ම සෙසු කාර්යය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කළ යුතු බව ද ලේකම්වරයා අදාළ නිවේදනය මගින් දන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post