හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අදාල පුද්ගලයා කොරෝනා අසාදිත රෝගියෙකු බව හදුනාගෙන තිබෙනවා.
පිහියෙන් ඇණිමක් හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයාට ශල්‍ය කර්මයක් ද සිදුකර තිබෙන අතර පසුව අහඹු ලෙස සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් මේ රෝගියා කොරෝනා ආසාදිත බවතහවුරු වී තිබෙනවා.
මේ වන විට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර තිබෙන අතර රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.