News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

නිවසේ තනිව ස්වයං නිරෝධායනය ලක් වෙමින් සිටි කාන්තාවක් සිය දිවි නසා ගනී

16100 Views


නිවසේ තනිව ස්වයං නිරෝධායනය ලක් වෙමින් සිටි කාන්තාවක් සිය දිවි නසා ගනී

නිවසේ තනිව ස්වයං නිරෝධායනය ලක් වෙමින් සිටි කාන්තාවක් සිය දිවි නසා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම මහළු කාන්තාව නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ පවුලේ දියණියගේ ස්වාමිපුරුෂයා ට හා ඔහුගේ දියණියට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වීම නිසා පවුලේ අනෙකුත් පිරිස නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඒ අනුව පවුලේ පිරිසක් නිරෝදායන මධ්‍යස්ථාන වලට ගෙන ගිය තිබෙන අතර මෙම මහළු මව නිවසේ තනිව නිරෝධායනය වීමට සලස්වා තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී මෙම මහළු මව දිවිනසා ගෙන තිබෙන බව සදහන්. සිරුර නිවෙසේ කාමරයක් තුළ එල්ලෙමින් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සිය දිවි නසාගත් බව කියන කාන්තාව 72 හැවිරිදි වියේ මහළු කාන්තාවක් බවයි පොලිසිය වැඩි දුරටත් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post