News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ගත වූ දිනයේ කොරෝනා තත්ත්වය ගැන පැහැදිලි කිරීම

449 Views


ගත වූ දිනයේ කොරෝනා තත්ත්වය ගැන පැහැදිලි කිරීම

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 සීමාවට ආසන්න වී තිබෙනවා.

ගත වූ පැය 24 තුළ මෙරටින් ආසාදිතයින් 510 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදියින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,929ක් ලෙසයි.

එමෙන්ම මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා.

අද උදෑසන වනෙවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ 1,007ක් සහ සෙසු 8,403 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ හා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැළේ ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිත සේවකයින් 412 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 4,449 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

අද උදෑසන දෝහා කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් නිරෝධායනය සඳහා යොමු කළ බව බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.

එමෙන්ම අද වනවිට ත්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 63,921 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන්කර සිය නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 2,409 දෙනෙකු හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 27ක නිරෝධායනය වෙමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post