ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මින් පෙර ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ජයගැනීමත් සමග මෙලනියා ට්රම්ප් සිය මිතුරියකට පවසා තිබුණේ, සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට තමන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවයි.
කෙසේ වෙතත් මෙලනියා ට්‍රම්ප් මින් පෙර ද සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණ ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීම නිසා එය කල් දමා තිබූ බවයි වාර්තා වුණේ.