News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

කොරෝනා බව දැන දැන පෙම්වතෙක් විසින් සිය පෙම්වතියගේ නිවසට යයි – පෙම්වතිය ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝධායනයට

2079 Views


කොරෝනා බව දැන දැන පෙම්වතෙක් විසින් සිය පෙම්වතියගේ නිවසට යයි –  පෙම්වතිය ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝධායනයට

කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කල තරුණයෙකු විසින් තමාට කොරෝනා ආසාදිත බව දැන දැනම සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇති පුවතක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා දින තුනකට පෙර කොළඹ දී pcr පරීක්ෂණයක් සිදු කර නැවත නිවස බලා පැමිණ තිබෙනවා. එහිදී එහි වාර්තාව අනුව ඔහු කොරෝනා ආසාදිත බව දැන ගැනීමත් සමග කොරෝනා බව දැන දැනම සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබෙනවා. මේ වන විට පෙම්වතිය හා ඇයගේ සොහොයුරන් දෙදෙනකුද මවද නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එපමණක් නොව ඔහු පෙම්වතියගේ නිවසට ඒමට පෙර ආණමඩුව සතොස ආයතනයට සහ එලවලු වෙළෙද සැලකට ගොස් තිබෙන අතර එහි සේවය කරන ලද පුද්ගලයින් ද නිරෝධායනයට යොමු කර ඈති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post