මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවා ගියා.
ඒ, තවත් ආසාදිතයින් 172දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි.
කොඩිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, එලෙස හඳුනාගත් සියලු ආසාදිතයින් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගියා.