News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

41 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

612 Views


41 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට 41 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පවත්වා ඇති අතර එහි වාර්තාවට අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලීන පිළිකා රෝගියෙකු වූ අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග එම රෝගී තත්ත්වය උත්සන්න වීම මරණයට හේතුව බවයි.

ඒ අනුව මෙම මරණය මෙරට සිදු වූ 41වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 5ක්.


News Articles
Latest Videos
Most Popular Post