හුදෙකලාකර ඇති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාවට හදිසි රෝගී තත්ත්වයක් ඇති වුවහොත් රෝහලට යෑම සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මතයි.
කොරෝනා රෝගී තත්ත්වයක් හෝ එවැනි රෝගී තත්ත්වයක් නොවන අවස්ථාවක වුව ද මෙම ගිලන් රථ සේවය භාවිත කළ හැකි වනවා.
ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ හුදෙකලාකර ඇති සියලු ප්‍රදේශවල ජනතාවට අදාළ ගිලන් රථ සේවය භාවිත කළ හැකි අතර ඒ සඳහා දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.
එම දුරකතනය අංකය – 011 3 422 558