කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් ඊයේ රාත්‍රී අනතුරට ලක්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන 25 වැනි කිලෝ මීටර කණුවේ ගැටී තිබූ බවයි.
කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබූ සූඛෝපභෝගී බස්රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරා රෝහල්ගතකර තිබෙනවා.
අනතුර හේතුවෙන් කටුනායක සිට කොළඹ දෙසට වන අධිවේගී මංතීරුව තාවකාලිකව වසා දමා ඇති අතර කොළඹ දෙසට පැමිණෙන මගීන්ට ජා ඇළ පිවිසුම භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.