News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

මුව ආවරණ ඇතුළු සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට උපදෙස් මාලාවක්

651 Views


මුව ආවරණ ඇතුළු සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට උපදෙස් මාලාවක්

කොරෝනා වෛරසයට අදාළව බැහැර කෙරෙන මුව ආවරණ ඇතුළු සියලු සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට උපදෙස් මාලාවක් නිකුත්කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම උපදෙස් මාලාව නිකුත්කර ඇති අතර සියලු පළාත් පාලන ආයතන වෙත ද එය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, හුදකලා කර ඇති ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට වෙනත් වාහන හා සේවකයින් යෙදවෙනු ඇති.

පොදු ජනතාව භාවිත කරන මුව වැසුම් හා අත් වැසුම් බැහැර කිරීමට පෙර සෝදා වියළා ඉන් අනතුරුව බැහැර කළ යුතු බව අදාළ උපදෙස් මාලාවෙන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් භාවිත කරන මුව වැසුම් සහ අත් වැසුම් කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතු වනවා.

එලෙස වෙන් කරන කහ පැහැති බෑග්වල දමා ඇති අපද්‍රව්‍ය කිසිඳු අවස්ථාවක ප්‍රතිචක්‍රීකරණය නොකළ යුතු අතර ඒවා විධිමත් ලෙස විනාශ කළ යුතු බව ද අදාළ උපදෙස් මාලාවේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post