News Line| Off Air
Generic placeholder image

Nov
11

කොන්සියුලර් සේවා අද සිට

637 Views


කොන්සියුලර් සේවා අද සිට

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ කටයුතු යළි ආරම්භකර තිබෙනවා.

කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව දිනපතා උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය අතරතුර සීමිත පිරිසකට පමණක් එම සේවා ක්‍රියාත්මක වනු ඇති.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා කලින් දිනයක් වෙන්කර ගත යුතු බවයි.

0112 338 812 යන දුරකතන අංකය ඇමතීමෙන් හෝ consular.mfa.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එලෙස දිනයක් වෙන් කරවා ගත හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post