News Line| Off Air
Generic placeholder image

Nov
11

කොරෝනා වෛසරයෙන් මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානයට මන්නාරමෙන් භූමියක් තෝරා ගැනීමට යෝජනාවක්

1307 Views


කොරෝනා වෛසරයෙන් මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානයට මන්නාරමෙන් භූමියක් තෝරා ගැනීමට යෝජනාවක්

කොරෝනා වෛසරය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථානයක් තෝරා ගැනීමට යෝජනා වී ඇති බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය පවසනවා.

එලෙස මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසූ බවයි සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුර් රාසික් මහතා පැවසුවේ.

කැබිනට් රැස්වීමේ දී අමාත්‍යවරයා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම කටයුතු සඳහා වියළි කළාපීය භූමි ප්‍රදේශයක් තෝරා ගන්නා ලෙස එහිදී ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි අලි සබ්රි මහතා පැවසූ බවත් අබ්දුර් රාසික් මහතා කියා සිටියා.

කෙසේ වෙතත් එවැනි තීරණයක් ගෙන නොමැති බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීම හේතුවෙන් තමන් අලි සබ්රි මහතාගෙන් ඒ සම්බන්ධයෙන් විමසූ විට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර නැතැයි අමාත්‍යවරයා පැවසූ බව ද අබ්දුර් රාසික් මහතා ප්‍රකාශ කළා.

නිර්දේශ ප්‍රකාශයට පත් කරන තුරු පැරණි ක්‍රමවේදය යටතේ එම කටයුතු සිදු කරන බවත් කඩිනමින් ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මේ අතර වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුර භූමිදාන කිරීමට අවසර ඉල්ලීම අසාධාරණ නැතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

හැකි උපරිමයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමදාන කිරීමට අවසර ලබා දී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් මෙරට තුළ ද හැකියාව ඇත්දැයි සොයා බලන ලෙස තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවයි.


News Articles
Latest Videos
Most Popular Post