තවත් නව කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
ඔවුන් මින් පෙර හඳුනාගත් පෑලියගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,542ක්.
අද හඳුනාගත් නව ආසාදිතයින් 309 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,024ක් ලෙසයි.