News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

45 වැනි කොරෝනා මරණය මාලිගාවත්තෙන් වාර්තා වෙයි

875 Views


45 වැනි කොරෝනා මරණය මාලිගාවත්තෙන් වාර්තා වෙයි

මෙරට සිදු වූ 45 වැනි කොරෝනා මරණය මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අදාළ ප්‍රදේශයේ නිවසේදී මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීකෂණයේදී හඳුනාගෙන ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවටයි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 4ක් වන අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post