News Line| Off Air
Generic placeholder image

Nov
11

46 වැනි කොරෝනා මරණය මහරගම අපේක්ෂා රෝහලෙන් වාර්තා වෙයි

676 Views


46 වැනි කොරෝනා මරණය මහරගම අපේක්ෂා රෝහලෙන් වාර්තා වෙයි

මෙරට 46 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතා මරණයට හේතු ලෙස දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එලෙස මියගොස් ඇත්තේ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.

ඒ අනුව අදාළ මරණය මෙරට සිදු වූ 46 වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 5ක්.


News Articles
Latest Videos
Most Popular Post