ඊයේ දිනයේ දී කොළඹ ‘පෝට් සිටි’ වරාය නගරයේ 47 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණ අතර මේ අතර තවත් වැඩ බිමක ඉන්දියන් ජාතිකයන් 49 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනා ගැනුණා.
මේ අනුව මෙලෙස කොළඹ නගරයේ වැඩබිම් ආශ්‍රිත ව ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 96 ක්.