News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

බස්නාහිරින් පිටතට යන අයට මොකද වෙන්නේ?

509 Views


බස්නාහිරින් පිටතට යන අයට මොකද වෙන්නේ?

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීමෙන් පසු ඉන් පිට වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ, ප්‍රාදේශීය පොලිස් ස්ථානවලටද මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවයි.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කිරීමෙන් පසු අද උදෑසන සිට එම පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පුද්ගලයින් පිටව ගොස් ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු පැවසුවේ, එලෙස පැමිණි යම් අයෙක් වේ නම් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම හෝටල් ඇතුළු නවාතැන්පොළ හිමිකරුවන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ, බස්නාහිර පළාතේ සිට යම් අයෙකු පැමිණෙන්නේ නම්, ඒ පිළිබඳ ළඟම පොලීසියට දැනුම් දෙන ලෙසයි.

කිසිඳු පුද්ගලයකුට බස්නාහිර පළාතෙන් පිටතට යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ රාත්‍රීයේ නිවේදනය කළා.

එය ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post