පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ගෙල සිරකර මරා දමා සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙන බව පොලොන්නරුව පොලීසිය සදහන් කරනවා.
මේ පිලිබදව සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මිය ගිය මෙම 41 හැවිරිදි කාන්තාව 25 හැවිදිරිතරුණයෙකු සමග මෙම හෝටල් කාමරයට ඊට පෙර දින පැමිණ ඇති බවත් එහිදී අදාල තරුණයා විසින් මෙම කාන්තාව ගෙළ සිර කර මරා දමා පැන ගොස් තිබෙන බවයි.
කෙසේ වෙතත් අදාල තරුණයා අද උදෑසන බකමූණ පොලීසියට බාරවී තිබෙන අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.