මෙවර දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් හින්දු ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහිදී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර වෛරසය පැතිර යාම වැළැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
නොවැම්බර් 14 වැනිදාට යෙදෙන දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින් :
