News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

“සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා” – අගමැති

637 Views


“සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා” – අගමැති

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, තමා මුදල් අමාත්‍යවරයා ලෙස 11 වන වරටත් විසර්ජන පනත් කෙටුම්පතක් විවාදය සදහා යොමු කරන බවයි.

ජනාධිපතිරණයෙන් පසු ආණ්ඩුව ඉල්ලා අස් වීම හේතුවෙන් සුළුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවා අයවැය කළමණාකරණයට පියවර ගත් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා කළ පැහැදිලි කිරීම ඇතුළත් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post