News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

මොරටුව ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි අයෙක් හදිස්සියේ මිය යයි

2939 Views


මොරටුව ප්‍රදේශයේ  නිවසක නිරෝධායනය වෙමින් සිටි අයෙක් හදිස්සියේ මිය යයි

මොරටුව ප්‍රදේශයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කලක පටන් අදාල මියගිය පුද්ගලයා අසනීප තත්වයකින් පසු වූ බවයි සදහන් වන්නේ.

වයස අවුරුදු 68 ක පමණ පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙන අතර එම පවුලේ එක් අයෙකුට කොරෝනා අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබුණ බවත් ඉන් අනතුරුව කොරෝනා අසාදිත පුද්ගලයා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබෙන අතර පවුලේ අනෙකුත් සියලු දෙනා නිවසේ
නිරෝධායනයට යොමු කර තිබෙනවා. නිරෝධායනය කාලය සම්පුර්ණ වීමට එක් දිනක් තිබියදී මෙලෙස අදාල පුද්ගලයා මිය ගොස් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාල මිය ගිය පුද්ගලයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවයි සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post