පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු දෙදෙනා යළිත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඔහු ඉදිරිපත්කර තිබූ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කළා.
පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩ කිරීම සහ රජයේ දේපළ අවභාවිතය යන චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.