කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ බැහැර කිරීමට ඇති එකම ක්‍රමය ආදාහනය පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබෙනවා.
එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, කොරෝනා මරණ බැහැර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී ඇති බවයි.
එම මළ සිරුරු භූමිදාන කිරීම තුළින් අයහපත් ප්‍රතිඵල රැසක් මතුවිය හැකි බව පවසන හානා සිංගර් මහත්මිය පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය පනවා ඇති නිර්දේශවලට අනුව මෘත දේහ ආදාහනය කිරීම අත්‍යාවශ්‍යය කරුණක් බවයි.
කොරෝනා මරණවල අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් වන ආරක්ෂිත පිළිවෙත් පසුගිය මාර්තු 24 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති බව ද ඇය තම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.