කොළඹ මහනගර සභා සීමාව තුළ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට නිවෙස්වලම රැඳී සිටින් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.
දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග සහ පිළිකා වැනි රෝග එම රෝග අතරට අයත් වන අතර එවැනි රෝගවලට ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අඛණ්ඩව එම ඖෂධ ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල පදිංචි එවැනි පුද්ගලයින් අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කර තිබෙනවා.
එම නිවේදනය පහතින් :
