කොරෝනා වෛරසය වැලදී මහ මග වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ අයෙක් කඩුගන්නාවේදී CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.
35 හැවිරිදි පුද්ගලයෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා ගරාජයක් පවත්වාගෙන යන අයෙක් බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. මෙවැනි පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.