අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් මාර්ගික උපදේශන සේවාවක් ආරම්භකර තිබෙනවා.
ඒ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීම සඳහායි.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වර්තමානයේ රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවයි.
එමෙන්ම එම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට ප්‍රතිකාර සහ උපදේශන සේවාවන්ට යොමු වීමේදී විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවන බවත් ඊට අවශ්‍ය උපදේශන, දුරස්ථ ප්‍රවේශයක් හරහා කඩිනමින් සම්පාදනය කිරීමට සැළසුම්කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව එම උපදේශන සේවාවන් ලබා ගැනීමට 1927 අංකය ඇමතීමට එවැනි පුද්ගලයින්ට හැකි වනවා.
දිනය පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තමන්ට අවැසි සහය ලබා ගැනීමේ හැකියාව මෙමගින් පවතින බවයි අන්තරායකට ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙන්නේ.