News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
14

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

724 Views


ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.

මිය යනවිට ඒ මහතා 61ක් වන වියෙහි පසු වුණා.

රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ජාතික රූපවාහිනියෙන් වෘත්තිය ජිවිතය ආරම්භ කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

ජනාදරයට පත් නිදිකුම්බා මල්, කුමාරයාණෙනි ඇතුළු ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ඒ මහතා මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රැසක් ද මෙහෙයවනු ලැබුවා.

ගීත රචනයෙහි ද දස්කම් දැක්වූ ඔහු රචනාකර ඇති ගීත ගණන සියයකට ආසන්නයි.

ඇස්දෙක පියාන නිදාගන්න මට බෑ, මමයි ඔබේ චංචලා, වෙන්වෙන තරමට, සඳහිරු තාරකා එම ගීත අතරට අයත් ගීත කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post