News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

සංචරණ නීති ලිහිල් කෙරෙන්නේ කවදා ද?

528 Views


සංචරණ නීති ලිහිල් කෙරෙන්නේ කවදා ද?

කොරෝනා වෛරසය හමුවේ ප්‍රදේශ රැසකට පනවා ඇති සංචරණ නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අද සහ හෙට කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන අධ්‍යයනයෙන් පසුව තීරණය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පැවසුවේ, වෛසරය පැතිර යාම හේතුවෙන් බස්නාහිර පළාත තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බවයි.

මේ අතර ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එලෙස වාර්තා වී ඇති සංඛ්‍යාව 282ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 43 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 10දෙනෙකු වශයෙන් ඊයේ දිනය තුළ ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 468ක් වන අතර ඉන් 464 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

සෙසු සිව්දෙනා විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post