5 ශ්‍රේණිය ශීෂ්‍යයත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා.
එම කඩඉම් ලකුණු ඇතුළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :

පවතින වසංගත තත්ත්වය හමුවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වුණේ, ඉකුත් ඔක්තෝබර් මස 11 වැනිදායි.
ඒ සඳහා අයදුම් කළ ශිෂ්‍යයින් සංඛ්‍යාව 331,741ක් වන අතර ඉන් ශිෂ්‍යයින් 326,264 දෙනෙකු විභාගයට පෙනී සිටියා.
ඒ අනුව ඊට අදාළ ප්‍රතිඵළ ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා.
ශිෂ්‍යාධාර ලබා දෙන සිසුන් සංඛ්‍යාව 20,000ක් වන අතර ඒ අතුරින් ශිෂ්‍යයත්ව 250ක් පිරිනැමෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහායි.
ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත කාණ්ඩය යටතේ ශිෂ්‍යයත්ව හිමිකම් ලබන අපේක්ෂකයින්ගේ මුළු ලකුණු සමග ශිෂ්‍යයත්ව හිමිකම ලැබූ බවට විශේෂ සටහනක් ඇතුළත් කෙරෙන බවයි.
අයදුම්පත් එවීම සඳහා සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වනවිටත් ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද (Username and Password) භාවිතකර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බා ගතකර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සළසා ඇති අතර සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී තැපැල් කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.
එමෙන්ම කිසියම් සිසුවෙකුගේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.