News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

මෙවර ශිෂ්‍යයත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබාගත් හපනුන් 10ක්

618 Views


මෙවර ශිෂ්‍යයත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබාගත් හපනුන් 10ක්

මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටින බව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා.

එමෙන්ම දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තේනුජ මනුමිත, මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් අමර් යන සිසුන් සහ තවත් සිසුන් සිව් දෙනෙක් එම සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට දස්කම් දක්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post